බස් රථ මිල ඉහළ යාම, අමතර කොටස් මිල ඉහළ යාම, සේවක වැටුප් සඳහා සහ නඩත්තු කටයුතු සිදුකිරීමේදී විශාල මුදලක් ගෙවීමට සිදුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැය තුළින් බස්ගාස්තු ඉහළ දැමීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස්ගාස්තු ඉහළ දැමීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ ලියවිල්ලක් නිසා එය ජාතික ප්‍රතිපත්තියක් නොවන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා මෙය නීත්‍යනුකූල ප්‍රතිපත්තියක් නොවන බවත්, මේ නිසා බස් හිමියන්ට බස් රථ නඩත්තු කිරීමට සහ බස් රථ මිලදී ගැනීමට යන වියදමට හෝ සේවක වැටුප් ගෙවීමට වියදම් වන මුදලට සරිලන ගාස්තුවක් නොලැබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා මේ පිළිබඳව සැලකිල්ලට ගෙන අයවැය තුළින් බස් ගාස්තු ඉහළ දමන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, එය සෑම අයවැයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නීති සකස් කරන ලෙසද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවද සභාපතිවරයා සඳහන් කළේය.
සෑම අයවැයක් තුළින්ම ලංගමය සහ දුම්රිය සේවා නඩත්තු කිරීමට විශාල මුදලක් වෙන්කරන බවත්, පෞද්ගලික බස් රථ තුළින් පවා සිදුකරන්නේ මෙම සේවා දෙකම සිදුකරන කටයුත්ත බැවින් අයවැය තුළින් බස් ගාස්තු ඉහළ දැමීමට නොහැකි නම් වාර්ෂිකව පෞද්ගලික බස් රථ නඩත්තුවටද මුදලක් ලබාදෙන ලෙසටත් ඉල්ලා සිටි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.