2017 අයවැය මගින් පළාත් සභාවලට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ජනපතිවරයා වෙත කරුණු දැක්වීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. මේපිළිබඳව අනිකුත් පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන්ද දැනුවත් කර සියලුම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සමග ජනාධිපතිවරයා හමුවන බවද හෙතෙම පැවසීය.
බස්නාහිර පළාත් සභාව තුළ යහපාලනයක් නැති වුණත් යහපාලනය ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවට වඩා හොඳ එකමුතු කමක් ශක්තිමත් බවක් අපේ මන්ත්‍රීවරු අතර තිබෙනවා. මේ අයවැයේ රටක් විදියට ඉදිරිපත් කරලා තියෙන අයවැය ගැන අපට ප්‍රශ්නයක් නැහැ.හැබැයි මෙවර පළාත් සභාවට මුදල් වෙන් කිරීමේදී අපිට විශාල අරියාදුවක් කරල තියෙනවා. 2016 වසරට සාපේක්ෂව බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන වලින් මිලියන නවයක් පමණ කපා හැර තියෙනවා පළාතේ සංවර්ධනයට යොමුවන බිලියන 03ක් විතර කපාහැරලා තියනවා. “යැයි හෙතම පැවසීය පසුගිය වසරේද මෙවැනිම අසාධාරණයක් සිදුවූ බවත් එහිදීද ජනාධිපතිවරයා හමුවූ බවද ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය. බණ්ඩාරගම අරුක්ගොඩ නිවුඩාව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.