යහපාලන රජයට වසරක ආර්ථික සැලැස්මක්වත් හදාගන්නට බැරි නිසා රජය නොවැම්බර් අයවැයට පෙර ජනතාවට අසීමිත ලෙස බදු බර පැටවීම සඳහා පසුගියදා වැට් බදු පනත සම්මත කරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ මහනුවර දිස්ත්රික් බලමණ්ඩලයේ සංවිධානයෙන් පැවති චේ සැමරුම් උත්සවය අමතමින් දිසානායක මහතා මෙසේ පැවසීය. මෙම උත්සවය පෙරේදා (29දා) මහනුවර බෝගම්බර ක්රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, පාර්ලිමේන්තුවේදී මම රවි කරුණානායක මන්ත්රීවරයගෙන් ඇහුව මේ බද්දෙන් මේ මාස දෙකට ජනතාවගෙන් කොච්චර බදු මුදලක් අය කරගන්න බලාපොරොත්තු වෙනවද කියලා. එතුමා කිවුව මේ මාස දෙකට කෝටි 180 ක් උපයාගන්න බලාපොරොත්තු වෙනව කියලා. හැබැයි ඇමැතිවරුන්ට අලුත් වාහන ගෙන්වන්න කෝටි 118 ක් වැය කරනවා. රනිල් වික්රමසිංහ මහත්තයට අලුතින් වාහන දෙකක් ගෙන්වන්න කෝටි 30 ක් වෙන් කළා. දෙකේ එකතුව කෝටි 148 ක්. ඔය ෆෝන්සේකගෙ, දුමින්දගෙ කාර්යාල දෙක නතර කළා නම් ඔය කෝටි 180 හොයාගන්න තිබුණා. ඒගොල්ලන්ගෙ නාස්තිකාර වියදම් නිසා ජනතාවට අසීමිත ලෙස බදු ගහනවා. මේක හොඳ වැඩක් නොවෙයි. රටේ දූෂණ වංචා කරපු සේරම දැන් රට. ඒවට දඬුවම් දෙන්න හදපු ආයතනවලට වැඩක් නැහැ. මේ රජය දූෂණ වංචාවන් ඔප්පු වෙලා තියෙද්දිත් දඬුවම් ලබාදෙන්නේ නැහැ. මේ වනකොට ඒවාට සම්බන්ධ ඔක්කොම ඉන්නේ පිටරටවලයි. ඒ නිසා තරුණ පෙළ මේ රජයවල් පන්නා දැමීමට එකා මෙන් පෙළ ගැසී සිටි යුතුයි. යැයිද පවසා සිටියේය.