අයවැය අනුමත කිරීමේ විශේෂ කැබිනට් හමුවක් හෙට (20දා) පෙ.ව 9.30 ට ජනාධිපති කාර්යාලයේදී පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු 2016 අයවැය වාර්තාව හෙට (20දා) ප.ව 2.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, එයට සවන්දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වන බව වාර්තා වේ.