2017 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 107 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඡන්ද විමසීම සුලුමොහොතකට පාර්ලිමේන්තුවේදී ආරම්භ වු අතර අයවැයට පක්ෂව ඡන්ද 162 සහ විපක්ෂව ඡන්ද 55 ලැබිණි. ඡන්ද විමස අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 07 කු සභාගැබේ නොසිටියහ .
ආණ්ඩුපක්ෂය නියෝජනය කරන එකසත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙන්ම විපක්ෂ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය අයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී. අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ, තේනුක විදානගමගේ , සිරිපාල ගම්ලත් , ප්‍රේමලාල් ජයසේකර , චතුර සේනාරත්න , සල්මාන් අයවැය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට සභාගැබේ නොසිටියහ.