2018 අයවැය විසර්ජන පනත් කොටුම්පත මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහි සමස්ත වියදම රුපියල් බිලියන 3982ක්ද ආදායම රැපියල් බිලියන 2175ක් ලෙසද දැක්වෙයි. වැඩිම වියදමක් දරා ඇත්තේ ආරකෂක අමාත්‍යාංශයට වෙන අතර එය රුපියල් බිලියන 290කි.
මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 237ක්, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 102ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 178ක්, ජනපතිගේ වැය ශීර්ෂයට රුපියල් මිලියන 487ක්, අගමැති වැය ශීර්ෂයට රුපියල් මිලියන 177ක්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 181ක් ලෙස මුදල් වෙන්කර ඇත.