ජනාධිපතිවරණය සඳහා කාලය ගැනීම අරමුණයි
2015 වර්ෂයට නියමිත අයවැය සඳහා වන විවාදය නොවැම්බර් මාසය තුළ අවසන් කිරීමට රජය අදහස් කරන බව වාර්තා වේ. එළඹෙන ජනාධිපතිවරණය සඳහා සූදානම් වීමට කාලය ලබාගැනීම සලකා මෙම තීරණය ගෙන ඇත.
ඒඅනුව දෙසැම්බර් මස මැද දක්වා පැවැත්වීමට නියමිත අයවැය විවාදය මෙවරනොවැම්බර් මස තුළ අවසන් කිරීමට තීරණය කොට ඇත.ඒ සඳහා අවශ්‍ය පසුබිම සලකා විසර්ජන පනත පසුගිය සතියේ පර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මීට ඉහත වසරවල අයවැය සඳහා එකී විසර්ජන පනත ඉදිරිපත් කරනු ලබන්නේ ඔක්තෝබර් මස පළමු වැනි පාර්ලිමේන්තු සතිය තුළදීය.
කෙසේ නමුදු අයවැය විවාදය සඳහා වෙන්කළ දින ගණනේ කිසිදු අඩුවක් නොකරන බව රජයේ ප්රකාශයෙක් පැවසීය.