2017 අයවැය යෝජනා තුළින් එන්ජින් ධාරිතාව 1000 දක්වා වන මෝටර් රථයක මිල රු.ලක්ෂ දෙකකින් පමණ ඉහළ යාමක් සිදුවනු ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.
ඒ අනුව, එන්ජින් ධාරිතාව 800 මෝටර් රථයක මිල රු.ලක්ෂ දෙකකින් පමණ ඉහළ යා හැකිය.
පසුගිය වසරේදී වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමවේදය යතුරු පැදි සඳහාද හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
තවද කිලෝවොට් 100 ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.