පිට පිට අවස්ථාව 2 කදී අයවැය පරාජය වුවහොත් අදාළ පළාත් පාලන ආයතන ප්රධානියාගේ තනතුර අහිමිවීමේ නීතිය වෙනස් කිරීමට අදාළ නීති සංශෝධන ඊයේ (19දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ අණපනත් සම්මත වුවහොත් අයවැය පරාජය වුවද පළාත් පාලන ආයතන ප්රධානීන්ට සිය ධුරයේ රැඳී සිටීමට අවකාශය සැලසෙනු ඇත.
මෙම අවස්ථාවේදී රීති ප්රශ්නයක් මතු කළ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ වත්මන් පළාත් පාලන ඡන්ද නීතිය විපක්ෂයද ඇතුළුව සියලු පක්ෂ නියෝජනය කර කමිටුවක් මගින් ගත් තීරණයක් මත සම්මත කළ එකක් බවත් විපක්ෂයේ අදහස් නොතකා එය වෙනස් කිරීම අනුමත කළ නොහැකි බවත්ය.