අයවැය පරතරය 5.6% දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, පොදුවේ ලබන වසරට අදාළ අයවැය ලේඛනයේ ආදායම රුපියල් බිලියන 1800කට අධික මුදලක් වන බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවර අයවැයේ ප්‍රධාන අරමුණු දුප්පත්කම පිටුදැකීම බවත්, මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව සිදුවන බවත්ය. 2017 - 2020 ඉලක්ක කරමින් දුප්පත්කම පිටුදැකීමේ වැඩපිළිවෙළ ක්රියාග්මක වන බවද ඔහු පවසා සිටියේය.
රජයේ ආදායම ඉහළ දැමීම යටතේ රේගු බදු, ආදායම් බදු හා සුරා බදු ආදායමේ සුවිශේෂී ඉහළ යාමක් සිදුව තිබෙන බවත්, වර්තමාන ආණ්ඩුව මෙම ක්ෂේත්‍ර තුන මගින් පසුගිය ආණ්ඩු සමයේදී ලබාගත් ආදායමට වඩා රුපියල් බිලියන 180 ක ආදායමක් උපයාගෙන තිබෙන බවත් කී හෙතෙම මේ නිසා එම කාලයේදී මෙම මුදල කාගේ හෝ සාක්කුවකට ගොස් තිබෙන බවද පවසා සිටියේය.