ලබන මුදල් වර්ෂය සඳහා සකසන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, අයවැය පිළිබඳ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමටත් රජය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අද (05දා) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර, ඒ අනුව අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.