වංචා සහගත විදුලි පරිහරණයන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසුගිය තෙමසක් තුළ රුපියල් ලක්ෂ 38ක වැඩි ආදායක් රජයට ලබා ගැනීමට හැකි වූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් දීපව්‍යාප්තව සිදුකරනු ලබන මෙම වැඩසටහන යටාත් මේ වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන තෙමස තුළ මෙම අයථා ලෙස විදුලිය පරිහරණය කළ සිද්ධීන් 405ක් හඳුනාගෙන ඇති අතර, අදාල සිද්ධීන් තුළින් උසාවි දඩය ලෙස මිලියන දෙකහමාරකට අධික මුදලක් (රු.2,848,000) වන අතර මුළු ආදායම රු.තිස්අට ලක්ෂ තුන්සිය අනූඅට දහස් තුන්සිය අනූවයි ශත පනස් හතරක් (රු.38,398,390.54) ලෙස ගණන් බලා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම, කොකු භාවිතය ආදී අයථා ක්‍රම මගින් විදුලිය ලබාගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙවැනි නීති විරෝධී ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලැබිය යුතු ආදායම් වළක්වන පිරිස් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා දීපව්‍යාප්තව සිදුකෙරන වැටලීම් තර කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ගෘහස්ථ, කර්මාන්ත හා වාණිජ අංශවල පාරිභෝගිකයන් විසින් සිදුකරන විදුලි මීටර් වංචා පිළිබඳව තොරතුරු ඇත්නම් දුරකතන අංක 1987 හෝ 011 2422259 මගින් ලං.වි.ම. විශේෂ වැටලීමි ඒකකයට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, එම කාර්යය ජාතික කාර්යභාරයක් සේ සලකන ලෙස ද දන්වා සිටි.