අඹගමුව ප්රාදේශීය සභාවේ සන්ධාන උපසභාපති ඩබ්ලිව්.ජී. රුක්ෂාන් රණසිංහ මේ මස 29දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් වැඩබලන මහේස්ත්රාත් එස්. රාම්මූර්ති මහතා අද (21දා) නියෝග කළේය.
මස්කෙළිය පොලීසියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 18දා ඔහුගේ ආධාරකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණය උපසභාපතිවරයාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරන ලදී.