අඹගමුව ප්‍රාදේශීය සභාවේ මාසික සභාවේ රැස්වීම එම සභාපති වෙල්ලයන් දිනේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) උදෑසන 10.30 ට ආරම්භ වීමෙන් පසුව දැඩි වචන හුවමාරුවකින් අනතුරුව ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂයේ නන්දරාජ් මන්ත්‍රීවරයා සභාවෙන් පිටතට පැමිණ සභාවේ වහලට නැග විරෝධතාවක නිරත විය.
න්‍යාය පත්‍රයට අනුව පන්සිල් සමාදන්වීමෙන් පසුව පසුගිය මාසික සභා වාර්තා ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සන්ධාන මන්ත්‍රී වී.ජී. හෙළප්රිය නන්දරාජ් මහතා සභාව අමතමින් කියා සිටියේ තමන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම ගැන ලැජ්ජා වන බවයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට පටහැනිව සභාවේ ඇතැම් නිලධාරීන් හා ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය ආකරයේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුවන බවත්, ජනතා අවශ්‍යතා ග්‍රාමීය මට්ටමින් මෙම සභාව තුළ සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගම සභාපතිවරයා හා මෙම මන්ත්‍රීවරයා අතර දැඩි වචන හුවමාරුවත් සමගම නොසන්සුන්තාවක් ඇති විය. මෙහිදී සභාපති දිනේෂ් මහතා ප්‍රකාශ කළේ න්‍යාය පත්‍රයට පටහැනිව කිසිදු ප්‍රකාශයක් සභාව තුළ කළ නොහැකි බවයි.