අමු තේ දලු කිලෝවකට රු80 සහතික මිල 15දා සිට
වර්තමාන ආණ්ඩුවේ දින 100 වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත කුඩා තේ වතු හිමියන් වෙත අමු තේ දලු කිලෝග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ක්‍රියාත්මක කිරීම මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලා 713 ක් ක්‍රියාත්මක වන බවත්, මෙම කර්මාන්ත ශාලා සඳහා අමු තේ දලු සපයන කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරක් පමණ සිටින බවත්, ඔවුන් සියලුදෙනාට මින් ප්රතිලාභ අත්වන බවත් අමාත්‍යවරයා ඊයේ (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
2010 දෙසැම්බර් 17 වැනිදින අංක 1694/48 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව තේ දලුවල ගුණාත්මක බව අවම වශයෙන් නොමේරූ නොතැළුණු දලු 60෴ ක් වියයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“මෙම මුදල් ගෙවීම් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරනවා. සාමාන්‍ය අමු තේ දලු ප්‍රමිතිය 60෴ ක් පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවලට දලු සපයන්නන් වෙත එම දලු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් කර්මාන්ත ශාලා මගින් ගෙවීමට නියමිතයි. තවද එම දලුවල ගුණාත්මක බව තේ කොමසාරිස්වරයා විසින් සහතික කරනවා* යැයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

