අමාත්‍යාංශවල ප්‍රතිපාදන භාවිතය සියයට 50ට වඩා අඩුයි
2017 වසරට අදාළව මුදල් අමාත්‍යාංශය මගින් ආණ්ඩුවේ අමාත්‍යාංශ සඳහා වෙන්කළ ප්‍රතිපාදන භාවිතකිරීමේදී බොහෝ අමාත්‍යාංශ සැප්තැම්බර් මාසය වනවිටද 50෴ ට වඩා අඩු ප්‍රගතියක් දක්වා ඇති බව රජයේ මුදල් කාරකසභාව විසින් අනාවරණය කරගෙන ඇතැයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.
එම අමාත්‍යාංශ ආකාර්යක්ෂ්මවීමට හේතුව සොයාබැලිය යුතු බවත්,එමෙන්ම ඉදිරි මාස දෙකක කාලය තුළ එම අමාත්‍යාංශ වෙනුවෙන් වෙන්කළ ප්‍රතිපාදන භාවිතයට ගැනීම පිළිබඳවද රජයේ මුදල් කාරක සභාව ඉදිරියේදී සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
රජය 2017 අයවැය පොරොන්දු ඉටුකර ඇති ආකාරය පිළිබඳ වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් අයවැය පොරොන්දු මැති සබයෙන් ඔබ්බට යනුවෙන් ශ්‍රීලංකා පුවත්පත් ආයතනයේදී ඊයේ (24දා) පැවැති අතර, එයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.
එමෙන්ම ආණ්ඩුවේ වර්තමාන මුදල් වියදම් කිරීම් පිළිබඳ විමර්ශනය කරන රජයේ මුදල් කාරක සභාව 2018 වසරේ සිට රජයේ මුදල් කාරක සභාවේ තීන්දු තීරණ පිළිබඳ මාස දෙකකට වරක් මාධ්‍ය හමුවක් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇතැයිද මුදල් කාරක සභාවේ සාමාජික ආශු මාරසිංහ මහතා පැවසීය.
මේවසරේ ඉලක්ක ගත බදු ආදායම ලබාගැනීමට ඉදිරි මාස දෙක ඇතුළත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන බව හෙතෙම පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


