2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශ 10 ක වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිතය.
2018 වර්ෂයේ ඇයවැය ඇස්තමේන්තු පිළිබඳ කාරක සභා අවස්ථාව සඳහා වෙන්කර ඇති කාලසීමාව සීමාකර ඇති බැවින් සහ එක් දිනයකදී වැය ශීර්ෂ කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව ඇති හෙයින් මෙම විශේෂ කාරකසභාව පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ එකඟතාවකට පැමිණ තිබේ.
එමෙන්ම එක් එක් අමාත්‍යාංශයේ වැයශීර්ෂ පිළිබඳ සාකච්ඡාකිරීමට වෙන්කර තිබෙන කාලසීමා සීමිතවීමද එයට හේතුවක් ලෙස සඳහන් කර ඇත.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යටතේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂයන් සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු, විශේෂ කාර්යභාර අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශද මෙම කාරක සභාව යටතේ සාකච්ඡා කිරීමට ලක්කර ඇත.