ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතා පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ලබාදුන් පිළිතුරක් හේතුවෙන් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මැති ඇමතිවරුන් ඔහුට විරෝධය දැක්වීය.
ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ගිණුමක් සිය පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගෙන ඇත්දැයි චමින්ද විජේසූරිය මහතා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් අද (04දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.
එහිදී පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ අපහාසාත්මක ප්‍රශ්න නොඅසන ලෙසයි. කෙසේවෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සෑහීමකට පත් නොවීය.
අමාත්‍ය කබීර් හෂීම් මහතා හා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාට එවැනි ප්‍රශ්න ඇසීමට අයිතියක් ඇති බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසායක මහතාද මෙහිදී චමින්ද විජේසූරිය මන්ත්‍රීවරයා නිවැරදි බව ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන හා විමල් වීරවංශ මහතාද චමින්ද මන්ත්‍රීවරයා වෙනුවෙන් කතා කරමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට විරෝධය දැක්වූහ.