පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන කාන්තාවක් ඇයගේ දින 70ක් වයසැති නවනීදරාසා නැමැති පිරිමි දරුවා සමග නිවස අසල ඇති ළිඳට පැන සියදිවි හානි කර ගැනීමට ගත් උත්සාහයකින් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. මව කිලිනොච්චිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
ඊයේ (27දා) ප.ව. 1.30ට පමණ මව සිය දරුවාගෙන ළිදට පැනි තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඇය ළිඳට පැන තිබේ. ප්රදේශවාසීන් එක්ව දරුවා හා මව ළිඳෙන් ගොඩ ගෙන රෝහලට ඇතුළත් කර තිබේ.