බේස්ලයින් මාර්ගයේ මවුනට් මේරි ප්රදේශයේදි පදික මාරුව හරහා මාර්ගයේ ගමන් කරමින් සිටි මවකට හා දැරියකට මරැ කැඳවමින් සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවැරිදි පිරිමි දරුවා හා ඔහුගේ මව එළැඹෙන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා අද (17දා) නියෝග කළේය. අනතුර සිදුවන විට 15 හැවැරිදි දරුවා මෝටර් රථය පදවා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.