(UPDATE) අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීරණ භූමියේ හිමකම් කියමින් උනන්විටියේ ශාන්තභද්‍ර හිමි ආරම්භ කළ උපවාසය දහවල් නිමාකරනු ලැබීය.
ගම්පොල අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ භූමියේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරවුල මේ වන විට උත්සන්න වී ඇති අතර මේ අනුව එහි හිමිකම් කියමින් භික්ෂුන් වහන්සේ නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
ගම්පොල අම්බුළුවාව ධර්මාසන විහාරාධිපති පුජ්‍ය උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ අද (24දා) පෙරවරු 10.00 සිට මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති අතර ජනාධිපති, අගමැති හා බුද්ධශාසන අමාත්‍යවරයා මැදිහත් වී ස්ථිරසාර විසදුමක් ලබාදෙන තුරු එය නොනවත්වන බවද උන්වහන්සේ පවසති.
හිටපු අගමැති දි මු. ජයරත්න මහතා සහ ශාන්ත භද්‍ර හිමියන් අතර කාලයක් තිස්සේ පැන නැගී ඇති මෙම ආරවුල මෙතෙක් සමතයකට පත් නොවීම නිසා මෙම උපවාසය ආරම්භ කල බවද උන්වහන්සේ පවසති.
මාවනැල්ල - හෙම්මාතගම විජය බංඩාර