අම්පාර ප්‍රදේශයේ දිනපතා සිදුවන හරක් හොරකම් සතියක් තුළදී නවත්වා දැමීමට අම්පාර දමන පොලීසියේ වැඩ බැලීමට අලුතින් පැමිණි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි‍්‍රයන්ත බංඩාර මහතාට හැකිවී තිබේ.
දමන පොලිස් ස්ථානයේ වැඩ භාර ගෙන දින දෙකක් ඇතුළත එරගම ප්‍රදේශයේ හොරෙන් පවත්වා ගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා එම ඝාතකාගාරය පවත්වා ගෙන ගිය අයිතිකරු ඇතුළු 05 දෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පසුව බක්මිටියාව ප්‍රදේශයේ සිට අක්කරපත්තුව දක්වා නීතිවිරෝධීව අරගෙන යමින් සිටි හරක් 25 දෙනෙක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.මීට අමතරව තිඹිරිගොල්ල සිට වර්පතන්චේන දක්වා ගෙන යමින් තිබූ තවත් ගවයන් 10 දෙනෙක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගැනිමටද ඒමහතාට හැකිවිය.
මෙම හරක් ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමගම දමන පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ හොර හරක් ජාවාරම දින 07ක් ඇතුළත නවතා දැමීමට හැකිව තිබේ.
දමන පොලිස් බල ප්‍රදේශයේ පසුගිය කාලයේ හරක් 200 ක් පමණ නැතිවී ඇති අතර හොරකම් වශයෙන් පොලිස් පැමිණිලි ලැබී ඇත්තේ 03 කි. පැමිණිලි 50 ක් පමණ ලැබී ඇත්තේ අයාලේ යෑම වශයෙනි. තවත් විශාල ප්‍රමාණයක් හරක් නැති වී ඇතිඅතර, බොහොමයක් දෙනා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර නැතැයිද අනාවරණය කිරීමට හැකිවිය.