අම්පාර අට්ටාල ප්‍රදේශයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වේ. මෙම නගරයේ වෙළෙඳ සැල් වසා ඇති අතර, පාසල් විවෘතව ඇතත් ළමයින්ගේ පැමිණීමෙහි අඩුවක් දක්නට ලැබේ.
ප්‍රධාන මාර්ගයේ වාහන ගමන් කළද ගමන්ගන්නා මගීන් සංඛ්‍යාව අඩු වී ඇති අතර, අට්ටල්චේන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයට ගල් ප්‍රහාරයක්ද එල්ල වී තිබේ.