නව පත්වීම් ලබාදුන් හෙද නිලධාරීන් කිසිවෙකුත් අම්පාර දිස්ත්රික් රෝහල්වලට අනුයුක්ත නොකිරීමට විරෝධය පා අම්පාර දිස්ත්රික් සියලුම රෝහල්වල හෙද වැඩ වර්ජනයක් ආරම්භ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හෙද නිලධාරීන් 40 දෙනෙකු නැගෙනහිර පළාතට යොමු කර තිබුණත් එම 40 දෙනා මඩකලපුව හා ත්රිකුණාමලය දිස්ත්රික් රෝහල්වලට අනුයුක්ත කර තිබෙන බවත්, එහෙත් හෙද හිඟය විශාල ලෙස පවතින්නේ අම්පාර දිස්ත්රික් රෝහල්වල බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා සඳහන් කළේය.
මේ නිසා නව පත්වීම් ලබාදුන් හෙද නිලධාරීන් අම්පාර දිස්ත්රික්කයට අනුයුක්ත කරන තුරු තම සංගමයේ සාමාජික වී සිටින හෙද නිලධාරීන් රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කළ බවද ඒ මහතා පවසා සිටියේය.