අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05දා) පැවැත්වීමට නියමිතය. පස්වරු 3.30ට පමණ අවමංගල්‍ය උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වීමට නියමිතය. පස්වරු 6.30ට පමණ චිතකය දැල්වීමට නියමිතය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය හදවත් සංගීතයෙන් සැනසූ අමරදෙවයන් පසුගියදා (03දා) හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.