අභාවප්රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ දේහය පිළබඳ අවසන් කටයුතු සිදුකරන වැඩසටහන පස්වරු 3.00 ඇරඹීමට නියමිතය. ජනපති, අගමැති, විපක්ෂනායක, මහාචාර්ය සුනිල් ආරියරත්න යන අය දෙසුම් පැවැත්වීමට නියමිතය.
ගායක ගායිකාවන් එක්ව අමරදේවයන්ගේ 'සසර වසන තුරු' ගීතය එහිදී ගායනා කිරිමට නියමිතය. පස්වරු 5.30ට චිතකයට ගිනි දැල්වීමට නියමිතය.