අභාවප්රාප්ත පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන් වෙනුවෙන් මාලදිවයිනේ ජනපති අබ්දුල්ලා යමීන් මහතා ශෝක පණිවිඩයක් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා වෙන යොමුකොට තිබේ.
මාලදිවයිනේ ජාතික ගීය සඳහා සංගීතය සැපයුවේදී අමරදේවයන්ය. 1972 වසරේදී ඔහු එම කාර්යය සිදු කළේය.ඒ අනුව අමරදේවයන් වර්තමානයේ මෙන්ම අනාගතයේදී මාලදිවයින් ජනතාවගේ හදවත් තුළ රැදෙනු ඇති බව මාලදිවයින් ජනපතිවරයා සිය නිවේදනයෙන් පවසයි.