රජයේ අමාත්‍යවරු සිවුදෙනෙක් අද (21දා) ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූහ. පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී. රත්නායක යන අමාත්‍යවරු මෙසේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූහ.
විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීම ප්‍රකාශ කළ අතර 20 වැනි සංශෝධනය සඳහා සහාය ලබාදෙන බවද ඔවුහු පැවැසූහ.