අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ශ්‍රී ලාල් 25දා කරන්න සිටි දේ
අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝගතුරව සිට අද (11දා) අභාවප්‍රාප්ත ප්‍රවීන ඡායාරූප මාධ්‍යවේදී, අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ මාධ්‍ය ලේකම් ශ්‍රි ලාල් ගෝමස් මහතා විසින් රචනා කරන ලද තිත්ත රස කෘතිය එළැඹෙන 25 දා මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩීමට නියමිතව තිබුණි.
ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු විවෘත ආරාධනාවක්ද කර තිබුණි. නමුත් මෙම අභාවයෙන් පසුව ශෝකී වූ පිරිස් ශ්‍රී ලාල් ගෝමස් මහතා සිය පොත වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහනට අදහස් ප්‍රකාශ තිබුණි.
රුවන් ගුණවර්ධන නැමැති පුද්ගලයෙක් ශ්‍රී ලාල් ගෝමස් මහතාගේ අභාවය වෙනුවෙන් තැබූ ෆේස් බුක් සටහන පහත පරිදි වෙයි.
Ruwan Gunawardhana ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ.. - ඹබට නිවන් සුව !!!
සිය පොත එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලාල් ගෝමස් මහතා තැබූ ෆේස්බුක් සටහන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

