අබාධිතයන් යැයි නොසිතා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩ නැගීමට දායක වනලෙස මතයක් රටතුළ ගොඩනැගීමට අවශ්‍ය උපදේශන වැඩසටහන් ඇති කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රී ලංකා විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගම් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා සුසුම්නා අනතුරු වැළැක්වීමේ ජාලය විසින් පවත්වනු ලැබූ, සුසුම්නා අනතුරු වැළැක්වීමේ හා පුනුරුත්ථාපනය පිළිබඳ වැඩසටහනට එක්වෙමිනි. හදිසි අනතුරකින් හෝ ප්‍රථමාධාර ලබා දීමේදී රෝගියෙකුගේ සුසුම්නාව විනාශ වීම අද ඇතිවී තිබෙන කාලීන ප්‍රශ්ණයක් බවත් එමෙන්ම දිනෙන් දින ඉහළ යන අනතුරු සංඛ්‍යාව නිසා සුසුම්නාව අක්‍රීයවී සිටින රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් අමාත්‍යවරයා කීය. මේ තුළින් ජාතික නිෂ්පාදනයට වක්රවාකාරව බලපෑමක් ඇති වන අතර මෙවැනි රෝගීන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය විශාල වියදමක් දරණ බවත් මේ අනතුරු වළක්වා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් වී සිටීනම් මෙම අනතුරු අවම කරගැනීමට හැකිබවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.