‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය’ නම් වූ ජාත්‍යන්තර වැඩමුළුවේ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාට ආරාධනා කිරීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉන්දියාවට ගිය බව ඔහුගේ මාධ්‍ය ඒකකය ඊයේ (10දා) සඳහන් කළේය.
මේ මස 26-27 දා එම ජාත්‍යන්තර වැඩමුළුව පැවැත්වීමට නියමිත අතර කලාම් මහතා ඒ සඳහා එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.