කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නොමැති බවත්, ඖෂධ හිඟයක් පවතින්නේ නම්, එය රෝහල් අධ්යක්ෂවරයාගේ දුර්වලතාවක් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්යඅමාත්ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ඖෂධ නොමැති බවට එම රෝහලේ ඖෂධවේදීන් පිරිසක් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඖෂධ හිඟය මගහැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වා දී ඇති බැවින්එමගින් හිඟ වන ඖෂධ කඩිනමින් ළඟම පිහිටි රෝහලෙන් ලබාගැනීමේ අවස්ථාව උදා වී ඇති බවද සෞඛ්‍යඅමාත්‍යවරයා සඳහන් කළේය.