මහරගම අපේක්ෂා රෝහල සඳහා මහජන ආධාර මුදලින් ලබාදීමට සැළසුම් කර ඇති පෙට් ස්කැනර් යන්ත්‍රය ලබන ජනවාරි මසයේ දී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරන්න මහතා ප්‍රකාශ කරයි.
කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැති වැඩසටහනකට එක්වෙමින් අද (29දා) අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“මහගරම අපේක්ෂා රෝහලට පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ආධාර එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නා. පෙට් ස්කෑනර් යන්ත්‍රය ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වුනා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09 -15 ත් අතර කාලයක් ගත වෙනවා.
එහිදී තවත් සමාගමක් අභියාචනයකුත් ඉදිරිපත් කර තිබුණා. එම නිසා පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම ප්‍රමාද වුවද මේ වන විට එය ඇණවුම් කර තිබෙනවා. ජර්මනියේ නිෂ්පාදිත පෙට් ස්කැනර් යන්ත්‍රය ජනවාරි මාසයේ දී මහරගම අපේක්ෂා රෝහලට ලබාදීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් රෝගියෙකු එක්වරම පරීක්ෂා කළ හැකි අතර අවයව මෙන්ම රුධිර සංසරණය ද පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවා සදහා රජයේ ආධාර මෙන්ම පෞද්ගලික අංශයේ ආධාර ද රෝහල්වලට ලැබෙනවා. එවැනි ක්‍රමවේදයක් තමයි පෙට් ස්කැනර් යන්ත්‍රයට ලැබී ඇත්තේ.”