අ.පො.ස. උසස්පෙළ විභාගයට අදාළව ඊයේ (29දා) පැවැති ගණකාධිකරණය II ප්රශ්න පත්රය සඳහා චංචනිකව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අම්පාර, උහන පාසලක මෙම සිදුවීම සිදුව තිබේ. එහි විභාග ශාලාධිපතිවරයා විසින් උහන පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 32ක පුද්ගලයෙකු බවත්, ඔහු අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.