අපේක්ෂකයන්ට තම නිවසේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යෑමට අමතරව එක් ආසනයකට එක් කාර්යාලය බැගින් පවත්වාගෙන යෑමට හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් මැතිවරණ කොමසාරිස්වරයා සමග ඊයේ (20දා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී තිබේ.
පක්ෂයේ ආසන කාර්යාලයට අමතරව මෙම කාර්යාලය ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර, ගෙයින්ගෙට ගොස් සිදුකරන ප්රචාරක කටයුතුවලදී සහභාගී විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 15 සිට 25 දක්වාද ඉහළ දැමීමට එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින සන්ධාන ගත පක්ෂවල නියෝජිතයන්ට ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාවලට ඇතුළුවීමට අවසර ලබාදීම පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.
මීට අමතරව මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමේදී මැතිවරණ නීතියට අනුගත වෙමින් ප්රචාරක කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව එම සාකච්ඡාවේදී සාකච්ඡා කර ඇත.
මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු පක්ෂ නියෝජිතයන් සහ කොමසාරිස්වරයා අතර පැවැති දෙවැනි සාකච්ඡාවද මෙය වේ.