අපේ ගැහැණු ළමයින් අවුරුදු 14 -15 දී විවාහ කරනවා
මුස්ලිම් දෙමුපියන් සිය ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳව දකින ආකාරය පිළිබඳව තමා කනගාටුවන බවත්, ගැහැනු ළමයෙක් නම් අවුරුදු 14, 15දී විවාහ කරදෙන බවත්, පිරිමි දරුවෙක් නම් ත්‍රිරෝද රථයකට හෝ පදික වේදිකාවට දමන බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.
කොළඹ කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ පැවැති අධ්‍යාපන සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මැද කොළඹ තමන්ගේ දරුවා පදික වෙළෙන්දෙක් හෝ ත්‍රීවීලර් රථ රියදුරෙක් කරන්න එපා. මම ඉතාමත් දුක් වෙනවා අපේ මුස්ලිම් දෙමුපියන් අධ්‍යාපනය ගැන දකින විදිහ ගැන. අපේ ගැහැනු ළමයෙක් අවුරුදු 14, 15 වුණා නම් බන්ඳලා දෙනවා.
පිරිමි දරුවෙක් නම් ත්‍රීවීල් එකකට හෝ පදික වේදිකාවට තාත්තා දානවා. ඒනිසා තාත්තත් ත්‍රීවීල් රියදුරා ,තාත්තගේ පුතත් ත්‍රීවීල් රියදුරා. ඒවගේම තාත්තත් පදික වෙළෙන්දා , තාත්තගේ පුතත් පදික වෙළෙන්දා.
අද කොළඹින් පිට අය ඉගෙනීමේ වැදගත්කම දන්නවා. කොළඹ අය මුදල්වලට බරවුණ ජීවිත නිසා ඉක්ක්මනට මුදල් සෙවීමට බලනවා. ඒ කියන්නේ අවුරුදු 4ක්, 5ක් කැපවීමක් කරන්න අකමැතියි. නමුත් මේ අවුරුදු 4,5ක කැපවීම තුළින් තමයි අධ්‍යාපනයෙන් ඉදිරියට එන්නට පුළුවන් වෙන්නේ.” යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


