රාජපක්ෂ පවුල හොරකම් කළ මුදල් අතිවිශාල බවත්, එම මුදල් සේවීම සඳහා රටවල් හතරක සහාය ඉල්ලා තිබෙන බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා කියය.
එසේම හිටපු ජනපතිවරයා තමන්ට රුපියල් බිලියනක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙන බවත් ඔහු පැවැසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (16දා) මාතර සමූපකාර ශාලාවේ පැවති, එක්සත් උපාධිධාරී තරුණ පෙරමුණ සංවිධානය කළ උපාධිධාරී හමුවක් අමතමිනි.
එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවන බවත් ඔහු සඳහන් කළේය.
"මගේ හිටපු මිත්‍රයා මට එවපු පිටු තුනක ලිවුම මට ලැබුණා. මොකක්ද ඒකෙ තියෙන්නෙ. රු. බිලියනයක එන්තර වාසියක් එවලා තියෙන්නෙ. මමත් බොහොම ආසවෙන් ඉන්නවා අපේ මිත්‍රයා උසාවියේදී හමුවෙන්න.
මට මහින්ද රාජපක්ෂ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම එදා පුවත්පත් සාකච්ඡාවේදි කිව්වෙ රාජපක්ෂ පවුලේ තාත්තලා, පුතාලා, නෝනලා, බෑණල, ගෝලබාලයෝ හොරකම් කරපු මුදල් විශාලයි. මේ වනවිටත් රටවල් හතරක සහයෝගය ඉල්ලලා තියෙනවා ඒවා හොයලා දෙන්න කියලා. මොකද ඒවා තියෙන්නෙ ලංකාවෙ නෙමෙයි. තැනින් තැන. මේවා අලුත් දේවල් නෙමෙයි. ගඩාෆිගේ, මුබාරක්ගෙ මුදල් තවමත් ඒ අය හොයනවා. ඉතින් අපේ එක්කෙනාගෙ සල්ලිත් අපි හොයනවා. ඒකට කලබල වෙන්න ඕනෙ නෑ.
අපි ඉදිරි මැතිවරණය ශ්‍රී ලංකා යූ.එන්.පී. හැටියට තරග කළාට දැනටමත් එකඟතාවක් තියෙනවා අවසන් ප්‍රතිඵලය කුමක් වුණත් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා අවම වශයෙන් වසර 2 ක් සහ වැඩිම වශයෙන් වසර 5 කට යටත් වූ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉදිරි මැතිවරණයේදී තීන්දු වෙන්නෙ අගමැති කවුද කියලා විතරයි. ඒකත් ඉතින් අපේ ඉන්න අගමැතිවරයාටම තමයි හිමිවන්නෙ."