සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙක් ඝාතනය කිරීමේ නඩුවට අදාළව සාධාරණයට ඉටුවෙනු ඇතැයි, දැන් පවතින්නේ සිය ආණ්ඩුවක් බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවා.
එම නඩුව අද මහාධිකරණයේදී කැඳවූ අතර නඩුව මැයි 22දා දක්වා කල්ගිය බව හිරුණිකා මෙනවිය පැවැසුවාය. කොලොන්නාව ආසනයේ සංවිධායකධුරය බාරගන්නා බවත් ඇය කීවාය.
"අනිවාර්යයෙන්ම සාධාරණය ඉටුවෙයි අපේ ආණ්ඩුවක් තියෙන්නේ. ජනනාධිපතිතුමා දුන්නොත් (කොලොන්නාව සංවිධායක ධුරය) බාරගන්නවා." යැයි ඇය පැවැසුවාය.
ඡායාරූප ශාන්ත රත්නායක