වත්මන් රජය කලාකරුවන්ට සලකන ආකාරය සම්බන්ධව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) සවස තලංගමදී පැවති කලාකරුවන්ට උපහාර පිදීමේ උත්සවයකදී අදහස් පළකළේය. එහිදි අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “පහුගිය දවසක උත්සව ගෙදරකදී මට කලාකරුවෙක් හමුවුණා. 2010 දී අපි ළඟ ඉඳලා යහපාලන ආණ්ඩුවට එකතු වුණු කෙනෙක්. ඔහු මට කියනවා වැරදුණා කියලා. අපිට හතේ හත වැදුණා කිව්වා. මම ඇහුවා ඇයි කියලා. මැයි දිනයට විතරක් සිංදුවක් කියන්න ලැබුණා කිව්වා. ඒකට ගාණ කියද ඇහුවාම එයා බොහෝම අඩු ගාණක් කිව්වලු. නමුත් සංවිධායකයන් ඒ ගාන දෙන්න බෑ කියලා දාහක් දෙන්නම් කිව්වලු. එදා ලැජ්ජාවට ආපු ඒ කලාකරුවා තවම එළියට යන්නැතිව ඉන්නවා කිව්වා. ඒ වගේ දුක්බර පාපොච්චාරණයක් මං ඉදිරියේ ඔහු කළා. ඔහුගේ නම කියන එක හරි නැති නිසා. මේ රටේ කලා සංගමයක තනතුරකුත් ඔහු දරනවා* යනුවෙන් පවසා සිටියේය.