ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වන බව ඇතැමුන්ට අමතක වී ඇති බවත්, ඒ නිසා නහර පුප්පාගෙන අපිට බණිනකොට මේවා ගැනත් සිතිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (31) වැනිදා සවස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
''ගොවි පුතෙක් රජ වෙනකොට මිනිස්සු බලාපොරොත්තු වුණේ ගොවිතැන දියුණුවෙයි කියලා. නමුත් අවාසනාවකට ඒක එහෙම වුණේ නෑ. ඒ අයට ආණ්ඩුව ආපු ගමන් කරපු දේවල්. දැන් කියනවා අපි දුන්නේ මහා ණය කන්දරාවක් කියලා. මම ගත්තා වගේ දෙගුණයක් මේ අය ණය අරන් තියෙනවා මේ වෙනකොට.
අපිට අපහස කරලා අපිව හිරගෙවල්වල දානකන්, අවීචි මහා නරකාදියට දානකන්, අස්වෙන්නෙ නෑ කියන අයට ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වනවා කියන එක අමතක වෙලා පරෙස්සමින් බණින්න ජනාධිපතිතුමනි. දැන් ඔබ මහා වගකීමක් සහිත තනතුරක් දරන්නේ. ඒ නිසා තරහ ගන්නෙ නැතිව වගකීමකින් කටයුතු කරන්න” යැයි පැවසීය.