තමන්ට ජනතාවගෙන් හොඳ කනේ පාරක් වැදී ඇති බවත්, පවතින වැඩපිළිවෙළ වෙනස් කර රටේ දුගී දුප්පත් ජනතාවට සහන සලසන රජයක් හැටියට මේ රජය ඉදිරියට පවත්වාගෙන යන බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (20 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා, “අද මොකක්වත් වුණේ නෑ, අද කැබිනට් එක තිබුනෙ. අද කැබිනට් පේපර්ස් ගත්තෙ. සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන්, සම්මුතියෙන් ලිච්ඡවී න්‍යායට වැඩේ යනවා.
අර්බුදයක් ඕගොල්ලො දකින්න ඇති. නමුත් ඕගොල්ලො කියපු තරම් අර්බුදයක්වත්, ඕගොල්ලො කියන තරම් යකා කළු වත් නැහැ.
අපි සම්මුතිවාදී රජයක්නෙ. අපි අගමැතිතුමා එක්ක දීග කන්නෙ නෑ. අපි ජනාධිපතිවරයාගෙ නායකත්වයෙන් ඉදිරියට යනවා. අපිට හොඳ කනේ පාරක් වැදිලා තියෙනවා. අපි අපේ වැඩපිළිවෙළ වෙනස් කරලා මේ රටේ දුගී දුප්පත් ජනතාවට සහන සලසන රජයක් හැටියට මේ රජය ඉදිරියට පවත්වාගෙන යනවා. ගමේ ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හැටියට අපි කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනා එයට එකඟ වෙමින් ජනපතිවරයා සමග මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා” යැයි පැවසීය.
එසේම එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
“එළිය තියෙන සද්දෙ ඇතුළෙ නෑ. එජාපයේ අගමැතිවරයා ඒ විදියටම ඒ තනතුරේ සිටිය යුතු බවට අපි එක ස්ථාවරයක ඉන්නවා. පක්ෂෙ ඇතුළෙ අර්බුද අපි විසින්ම විසඳගන්නවා.
ඒකාබද්ධ විපක්ෂය විසින් විපක්ෂ නායකකම ඉල්ලන එක ඒකාබද්ධ විපක්ෂය සහ ශ්රීලනිපය විසඳගත යුතු දෙයක්. ඒක එජාපයේවත් ආණ්ඩුවේවත් ප්‍රශ්නයක් නෙමෙයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.