අපි හොඳට තෙම්පරාදුයි - ජවිපෙ
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්ට පහරදිමක් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ පවු කමා කිරීමට ජනාධිපති විසින් මන්ත්‍රීවරයාව පාප් වහන්සේ බැහැදැකීමට වතිකානුවට රැගෙන ගියේ යැයි උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අනුරාධපුර ප්‍රීමන් මාවතේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලේදී අද (07දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“පසුගිය දවසක ජනාධිපතිතුමා කියලා තිබුණා ප්‍රසිද්ධ වේදිකාවල ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන්න එපා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනාධිපතිතුමාට අනුකම්පාවක් පහළ වෙලා. ඌවේ පැවති මැතිවරණයේදී ඇතිවූ ආණ්ඩුවේ පසුබෑමත් සමගම ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. අපි එක්වරක් කරපු මෝඩකම නැවත වරක් කරන්නේ නහැ. දැන් හොඳට අපි තෙම්පරාදු වෙලා ඉන්නේ.” යැයි පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
