ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පක්ෂය ඔනෑම අභියෝගාත්මක ගමනක් යාමට සූදානම් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. පක්ෂ සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේබව කීය. අද පක්ෂය නියම කෙනාගේනාගේ අතට ලැබිලා තියෙන්නේ. මේඉන්න සෙනග දකිද්දි ඔබට ඒබව වැටහේවි. මේනිසා අපි සූදානම් ඔනෑම අභියෝගාත්මක ගමනක් යන්න. ජනධිපතිතුමා ජනතා ජයග්රහන ලබාදෙද්දි සමහරුන්ට ඒවා දරාගන්න බැහැ. ඒමොකද ඒවා ඔවුන්ගේ කරගන්න බැරිනිසා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපි සියලූ දෙනා ජනාධිපතිතුමාට ණය ගැතියි. අපිට අද ජාතිභේදයක් ආගම් භේදයක් කුළ මල භේදයක් නැහැ. යනුවෙන්ද පැවසීය.