ලෝක ත්රස්ත්රවාදය නැතිකරන තාක්එම ප්රශ්නයට මුහුණදීමට සිදුවන බවත්, එදා ශ්රී ලංකාවට ත්රස්තවාදයෙන් බැට කෑ අයුරින් බටහිර රටවල් වර්තමානයේ ත්රස්තවාදයෙන් බැට කන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා මේ බව ප්රකාශ කළේ ඔහුගේ ජන්ම දිනය නිමිත්තෙන් අඟුණුකොළපෑලැස්ස අලුත්වැව විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
''සමහරු හිතන් ඉන්නවා ලංකාවේ ත්රස්ත්රවාදය ඉවරයි කියලා. හැබැයි ලෝකයේ තිබෙන ඒවා මෙහාට එන්න පුළුවන්. ඒ හින්දා පරිස්සම් විය යුතුයි. ඉන්න තරම් කට්ටිය නිදහස් කරමින් කරන වැඩේ හින්දා ජාතික ආරක්ෂාවට බොහොම පැහැදිලිව තර්ජනයක්.හැම තැනටම ජාතික ආරක්ෂාව මුල්වෙන්න ඕන. ප්රංශ ප්රහාරය හෙළාදැක්කේ එකයි. අපි විඳපු දුක දැන් එයාල අද විඳිනවා.සමහර රටවලට ඒ බව දැන් අමතක වෙලා '' යනුවෙන්ද ඔහු කියා සිටියේය.