රජයේ බලාපොරොත්තුව සිහින පෙන්වීම නොව සිහිනයට පාර කැපීම බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (15 දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික යොවුන් ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය සඳහා එක්වෙමින් පැවැසීය.
"අපි හැමතිස්සෙම බලන්නේ ඔබට සිහින පෙන්නන්න නෙවෙයි, සිහිනයට පාර කපන්නයි. නමුත් සාර්ථකත්වය කියන්නෙ සූදානම හා අවස්ථාව එකතුවන ස්ථානයි. අපි ඔබට අවස්ථාව ලබා දුන්නා, ඔබට තිබෙන්නෙ සූදානම් වෙන්න පමණයි. අද ඔබ පරාජයට පත්වෙන්න පුළුවන්, නමුත් තමන්ගේ පරාජයට හේතු හඳුනාගෙන හෙට දිනයේත් තරග කිරීමයි වඩා වැදගත් වෙන්නෙ" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.