"අපට නායකන්ගෙන් වැඩක් නෑ අපි නායකයන්ට කඩේ යන්නෙ නෑ. අපි පක්ෂයටයි කඩේ යන්නේ" යැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මහතා ඊයේ (28 දා) බදුල්ලේ තැපැල් ශ්‍රවණාගාරයේදී පැවති බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණඩල රැස්වීමේදී පැවසීය.
"මේ සංවත්සරය කියන්නේ පුද්ගලයෙකුට අයිති දෙයක් නෙවෙයි මේක අපේ පක්ෂයෙ සංවත්සරයයි. මේක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙවත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙවත්,චන්ද්‍රිකා මැතිණියගෙවත් සංවත්සරයක් නෙවෙයි. ඒ වගේම අපි සියලු දෙනාම බැඳිලා ඉන්නේ පුද්ගලයන්ට නෙවෙයි පක්ෂයටයි.
ඉතිහාසය පුරාම කවුරුහරි මේ පක්ෂය කඩන්න හැදුවනම්, අනිවාර්යෙන්ම මේ පක්ෂයට නැවත එන්න වෙනවා. මොකද තීරණාත්මක මැතිවරණවලදී ජනතාව ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මිසක් පුද්ගලයෝ එක්ක නෙමෙයි. රටේ තිබෙන විවිධ දේශපාලන බලවේග බලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙනවා දකින්න යටින් එක එක තුරුම්පු ගහනවා අපි ඒවාට අහුවෙන්න හොඳ නැහැ.
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා භාරදුනේ නැත්නම් අපි අද ඉන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක. පක්ෂයෙ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට භාරදුන්නට පස්සෙ අපිට පුලුවන්ද එතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න, එතුමාගේ කකුලෙන් අඳින්න, එතුමාව එළවන්න වැඩකරන්න. ඒ නිසා අපි බැඳිලා ඉන්නෙ පක්ෂයත් එක්ක." යැයි පැවැසීය.