මාධ්‍ය ඇතුලු විවිධ පුද්ගලයින් විසින් දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ගැටලු ඇති බවට කියන ප්‍රචාරයන් අසත්‍ය බවත් පක්ෂයක් වශයෙන් දේශපාලනික හෝ කිසිදු ගැටලුවක් නොමැති බවත් සියලු දෙනාම එකම ස්ථාවරයක සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරම් කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා පෙරේදා (14 දා) සවස දෙමළ ජාතික සන්ධානයේ සියලුම ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් වව්නියාවේ පෞද්ගලික හෝටලයක පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාව පැවත්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
“පසුගිය දින වල ජනමාධ්‍ය වල හා විවිධ පුද්ගලයින් කියා තිබුණා අපේ පක්ෂයේ විවිධ ගැටලු ඇති වෙල තියනවා කියල. එහෙම කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ. අපි පක්ෂයක් වශයෙන් ගන්නා සියලු ක්‍රියාමාර්ග තීරණ සියලුම දෙනාගේ තනි ස්ථාවරයක සිට තමයි ගන්නේ. ඒ ගැන අපි සතුටින් ඉන්නේ”