වත්මන් ජාතික ආණ්ඩුවට ජනවරම ලබාදුන්නේ දිගින් දිගටම ලෝකයට ණය වී රට අගාධයට තල්ලුවී යාම වැළැක්වීමට බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ඒ අනුව මේවන විට රට ක්රමයෙන් දියුණු කරමින් සිටින බවත්,පළමු සංවත්සර දිනයට වඩා දෙවෙනි සංවත්සරය සමරන විට වඩා විශාල දියුණුවක් ලබාතිබෙනු ඇති බවද අග්රාමාත්යවරයා කියා සිටියේ යහපාලන රජයේ පළමු සංවත්සර උත්සවය අමතමිනි.
අගමැති රනිල් වික්රමසිංහ මහතා සමුළුව අමතමින් මෙසේ කීවේය. අපිට බාර ගන්න වුනේ මහා කුණු ගොඩක්. පවුලේ අයයි, ගෝලයොයි රට කෑවා. එවැනි රටක් තමයි අපට බාර වුනේ. ගිය රජය ශ්රී ලංකාව නැති කළා. රට හොඳටම වැටුණා. ජාතික ආණ්ඩුවක් හැදුවේ එසේ වැටුණු රට ගොඩගන්නයි. අද අපි අලුත් රටක් ගොඩනගනවා. එකම රටක් ගොඩනගනවා. යුද්ධයෙන් වැනසුණු රට ගොඩනගාගෙන යනවා. අපේ දෙවැනි සංවත්සරය වන විට රට මීට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට හැකි වේවි යැයි පැවසීය.