සීමා නිර්ණය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා රජය පොරොන්දු වූ පරිදි මේවසරේ අප්‍රේල් මස සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) පවසයි.
නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයට පැවැත්වීම සඳහා වන සීමා නිර්ණය කිරීමට පත්කරනු ලැබූ කමිටු වාර්තාව අවසන්කර තිබෙන බවත්, එම මැතිවරණය කල්දමා ගැනීමට දරනු ලබන කුමන හෝ උත්සාහයක් පරාජය කළයුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
ඡන්ද විමසීම් කල් දමාපළාත් පාලනය ආයතන අක්‍රීයවන අයුරින් කටයුතු කළ ආකාරයටපළාත් සභා අක්‍රීය කිරීමට රජය කටයුතු කළහොත්එය වැළැක්වීමට තම සංවිධානය සිය උපරිම ශක්තිය යොදන බවද කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණය වසර 2කට වැඩි කලක් කල් දමා ගැනීම සඳහා අපකීර්තිමත්, ලැජ්ජා සහගත උත්සාහයක නිරත වූ බවත්, එය සමස්ත පළාත් පාලනය අකර්මණ්‍ය කිරීමට හේතු වූ බවත් පවසන එම සංවිධානය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ජනතාවගේ විරෝධය නොතකා කටයුතු කිරීමේ අනිසි ප්‍රතිඑල රජයද, ජනතාවදමේ වන විට විඳිමින් සිටින බව පෙන්වා දෙයි.
එජාප-ශ්‍රීලනිප රජයට එල්ල වූ දැඩි විවේචන හා ජනතා විරෝධය හමුවේ මැතිවරණ සිතියම හකුළා දැමීමටරජය උත්සාහ කරන බවත්,තම සංවිධානය එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් 2018 අප්‍රේල් මස පළාත් සභා ඡන්දය පැවැත්වෙන බවට රජය පාර්ලිමේන්තු විවාදයකදී පොරොන්දු වූ බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.