අපස්මාර රෝගීන් වෙනුවෙන් වූ විශේෂිත රෝහලක් ඉදිකිරීම පිණිස සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් තවදුරටත් මූල්‍යාධාර ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, මෙම රෝහල වෙනුවෙන් ලබාදී ඇති ඇ. ඩොලර් මිලියන 20 ක මූල්‍යාධාරයට අමතරව අතිරේක මූල්‍යාධාරයක් ලෙස ඇ. ඩොලර් මිලියන 12ක් මෙම රෝහලට අවශ්‍ය CT යන්ත්‍රයක්, MRI යන්ත්‍රයක්, භෞතික චිකිත්සක උපකරණ හා රෝහල් ගෘහ උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ සම්පාදනය කිරීම කෙරෙනු ඇති බව පවසයි.
මහල් 10කින් සමන්විත මෙම රෝහල තුළ ශල්‍යාගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, උසස් ආවස්ථික ඒකකයක්, ඇඳන් 242කින් යුත් පිරිමි හා කාන්තා වාට්ටු මෙන්ම ශ්‍රවණාගාරයක් ඇතුළු දීපව්‍යාප්ත සෞඛ්‍ය සේවකයින්ගේ ශක්‍යතා වර්ධනය සඳහා අදාළ පහසුකම්ද ස්ථාපිත කෙරෙනු ඇත.
2%ක වාර්ෂික පොළී අනුපාතිකයක් යටතේ ලබාදෙන මෙම මූල්‍යාධාරය නැවත පියවීම කාලය වසර 5ක සහන කාලයක්ද ඇතුලත්ව වසර 20 ක් බව මුදල් අමාත්‍යාංශය කියයි.